GCC SCOUT CLUB

                                                                                     

                                          ගන්කන්දීය බාලදක්ෂ සමූහය

 

 

 1947 කේ.ඩබ්.නන්දසේන මහතා විසින්  ගන්කන්දීය බාලදක්ෂ සමූහය ආරම්භ කරන ලදි.පසු කලකදී විමලරත්න මහතා විසින් බාලදක්ෂ සමූහයක් ආරම්භ කල අතර එය පවත්වාගෙන ගියේ සේනාඩිපතිරත්න මහතා විසිනි.නැවතත් පසු කලකදී මේජර් කේ.එස්.එස්.සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ගන්කන්දීය බාලදක්ෂ සමූහය අරම්භ කල අතර එතුමා විසින් ජයග්‍රහණ රැසක් පාසලට අත්පත් කර දෙන ලදි.

                              2012 වර්ෂයේ සිට නැවතත් ගන්කන්දීය බාලදක්ෂ සමූහය සක්‍රිය තත්වයට පත්විය.එහිදී ආරම්භක කණ්ඩායමේ සාමාජිකයන් 40ක් වූ අතර සෑම වර්ෂයකම සාමාජිකයන් බදවා ගැනීම සිදුවිය.ගන්කන්දීය බාලදක්ෂ සමූහය වාර්ෂිකව සහභාගී වන දිසා රැළි,දිසා කදවුරු,කාණ්ඩ කදවුරු,කාණ්ඩ නායකයින් පුහුණු කිරීමේ වැඩසටහන් මෙන්ම,ජාතික වෂයෙන් වැදගත්වන රුක් රෝපණ වැඩසටහන්,ඩෙංගු මර්දන වැඩසටහන්,ප්‍රජා සේවාවන්,ආගමික වැඩසටහන්,පෝෂණ වැඩසටහන්,ලේ දන්දීමේ වැඩසටහන්,පා ගමන් යාම,ක්ෂේත්‍ර චාරිකා යාම වැනි විවිධ වැඩ සටහන් සදහා ගන්කන්දීය බාලදක්ෂ සමූහය සහභාගී විය.

                     අතීතයේ ගන්කන්දීය බාලදක්ෂ සමූහයෙන් රැජිණ බාලදක්ෂයෙකු ලෙස දයාසිරි මහතා පත්වී සිටි අතර,වර්තමානයේ(2019 වර්ෂයේ)ජනාධිපති බාලදක්ෂයෙකු ලෙස ඊ.එම්.වයි.බී.ඒකනායක පත්විය.එය ගන්කන්දීය බාලදක්ෂ ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයකි.

                      වර්තමානයේ බාලක බාලිකා බාලදක්ෂයින් 137 සක්‍රීයව සිටින අතර,සමූහ බාලදක්ෂ නායකයා ලෙස විදුහල්පති එම්.එස්.ජේ.ජී.ෆොන්සේකා මහතාද,බාලදක්ෂ ආචාර්යවරුන් ලෙස යූ.ඒ.එන්.එන්.වික්‍රමසිංහ මහත්මියද,සහය බාලදක්ෂ ආචාර්යවරුන් ලෙස පී.කේ.එන්.ප්‍රේමතිලක මහතා,එම්.එම්.කේ.රූපසිංහ මහත්මිය,ගන්කන්දීය ආදි බාලදක්ෂයින් ලෙස ඔසද සුපුන්,යසිරු බණ්ඩාර,යසාදි වංශප්‍රිය,නුවන්ති ඉෂාර ද සහභාගී විය.