සපරගමුව පින් බිමකි. එයට ප්‍රෞඪ ඉතිහාසයක් හා නොකිළිටි සංස්කෘතියක් ඇත. එදා සිරිලක පුරා ධර්ම ශාස්ත්‍ර ඥානය බෙදා හැරි පහන් ටැඹ වූයේ පැල්මඩුල්ල පුරාණ රජ මහා විහාරයයි. රාජ්‍යය සම්මානයට බඳුන් වෙමින් ක්‍රි.ව.1752 වැනි ඈත අතීතයේ සිට ම ශාස්ත්‍ර ඥානය ලක්වැසි ජනතාවට නොමසුරුව අත්කර දීමට සමත් යතිවරු පඬිවරු ගුරුවරු එහි වූහ.
වර්ෂ 1929 කාලය වන විට තම ප්‍රදේශයේ සිංහල බෞද්ධ දරුවන්ගේ අනාගතය දෙස විමසුම් ඇසින් බැලු පැල්මඩුල්ල රජ මහා විහාරාධිපතිව වැඩ විසූ "හාල්දඬුවන ධම්මරක්ඛිත හිමියෝ එවකට පොදු ජනතාවගේ හිතසුව පිණිස නොමසුරුව කටයුතු කළ හැකි පුණ්‍ය වන්තයෙකු සොයා ගත්හ. එතුමා නම් ගන්කන්දේ මුහන්දිරම්ලාගේ පුංචි මහත්මයා මැතිඳුන්ය.
එදා පන්සලට අයත් බිම් කොටසක් ද ජනතාව උදෙසා පරිත්‍යාග කරමින් "හාල්දඬුවන ධම්මරක්ඛිත හිමියන් තම අදහස මුදුන් පමුණුවා ගැනීමට සහාය කරගත්තේ ගන්කන්දේ ගෙදර සහෝදරයන් තිදෙනාය. එහි වැඩිමලා වූ පුංචි මහත්මයා මහතා දෙමාපියන්ගෙන් ලද දායාදයන් ගම් ප්‍රදේශයෙන් දරුවන්ගේ ඇස් පාදන පාසලක් ගොඩනැංවීමට සිය කැමැත්තෙන් ප්‍රදානය කරද්දී ගන්කන්ද මුහන්දිරම්ලාගේ හීන් මහත්තයා සහ ගන්කන්ද මුහන්දිරම්ලාගේ ඩිංගිරි මහත්මයා යන දෙසොහොයුරෝද ඉත සිතින් තම තමාගේ කොටසක් ද ධනය ද පරිත්‍යාග කර ගොඩගහවත්තේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ගොඩනැංවූ හ.මේ පැල්මඩුල්ලට ඉසුරුබර අනාගතයක් ලබාදීමට පෙරමුණ ගත් ගන්කන්දේ ගෙදර උදාර පුතුන්ගේ මහඟු පුණ්‍යකර්මය එයයි.
වර්ෂ 1929 මාර්තු 03 වෙනිදා ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමා අතින් මේ පාසල විවෘත වූ උත්සවයට දෑහිතකාමී ගිහි පැවිදි බොහෝ පිරිසක් සහභාගී වුහ.මාර්තු 7 වෙනිදා හාපුරා කියා ඩී. එච්. සුදසිංහ මහතා හා සෝමාවතී දරණගම මහත්මිය තල් අතු සෙවිලි කළ ශාලාවේ පාඨ පාසල් ආකෘතියට එළිය දෙමින් ළමයින් 40 ක් සමග බෞද්ධ මිශ්‍ර ශාලාවේ ගැන්වීම් කටයුතු ඇරඹූහ.මේ සත්කාර්යය සඵල කර ගැනීමට ගුරු වැටුප් හා සිසු සුබසාධන කටයුතු සියල්ල සඳහා තම ධනය වැය කිරීමට පී. එම්. පුංචි මහත්මයා මහත්මා පසුබට නොවූහ. එතුමන් අනුව යමින් අනෙක් සොයුරන් ද අවට හිතවතුන් ද පාසල නැංවීමට සහාය වූහ. ඔවුන් අතර හේරත් මුදියන්සේලාගේ පුංචිබණ්ඩාර වන්නිආරච්චිගේ සියාතුහාමි යන මහත්වරුන් ද පී. එම්.ඩිංගිරි මහත්මයා පිස්කල් මහතාද ගම් වැසියෝ ද වූහ.
සිසු සංඛ්‍යාව ඉහළ යද්දී පාසලට ගොඩනැගිලි හිගය ද ගුරු හිඟය ද දැනෙන්නට විය. පෙරකී පිරිසම එකී අවශ්‍යතා සපුරාලමින් පාසල ඉදිරියටම ගෙන ගියහ. තම වැටුප සිසු යහපත තතා විය පැහැදම් කිරීමට ඉදිරිපත් වූ කේ.බී. හේරත් ගුරුතුමා තම වැටුප යොදවා අමතර උඩරට නර්තන ගුරුවරයෙකු තම ඇදුරු මඩුල්ලට බඳවා ගත්තේය. ඒ මහතා ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරයා වූ ද එතුමා ඉහළ පංති වලට සිංහල ගුරුවරයාද විය. 1929 ජුනි වන විට ඕ. එස් අර්සකුලසූරිය මහතා මුල් ගුරුතුමා ලෙස පත්විය. එවකට ප්‍රාථමික හා පශ්චාත් ප්‍රාථමික අංශ දෙකම මෙහි විය.එබැවින් දිනෙන් දින ඉහළ යන සිදු පිරිසට පාසල් ඉඩකඩ හා ගුරුවරුන් ලබාදිමේ ගැටළු ද ඇති විය. කාලය ගෙවි යද්දි පී. එම්. පෙරේරා , එස් කරුණානායක . එමි ලියනෝරිස් යන මුල් ගුරුවරු ඉතා කැප වීමෙන් තම සේවා කාලයේදී පාසල් දියුණුව සැළසූහ. 1937-1941 වසර වලදී පාසල තවත් විශාල වීමක් සිදු විය. අලුත් ගොඩනැගිලි 2 ක් එකතු විය. ඊළඟට පාසල විශාල වීමත්, නිදහස් අධ්‍යාපන සංකල්ප ද ජනතාව අතරට පිවිසීමත් සිදුවෙද්දී මහා ශාස්ත්‍රාලයට නව ජීවයක් දෙමින් 1946 දී එය මධ්‍ය විද්‍යාලයක් බවට පත් විය. ගන්කන්දේ ගෙදර පුංචි මහත්මයා එහි හීන් මහත්මයා සහ ඩිංගිරි මහත්මයා යන මහත්වරුන් ද පැල්මඩුල්ල පුරාණ රජමහා විහාරාධිපති හාල්දඬුවන ධම්මරක්ඛිත හිමියන්ද එවකට බලංගොඩ බහු ආසනය දිනා සිටියාවූත්, පාර්ලිමේන්තු කථානායකවරයාවූත්, එච්. එෆ්. මොළමුරේ මැතිඳුන්ද ගත් අප්‍රතිහත ධෛර්යය හා කැපවීම නිසා ගොඩගහවත්තේ බෞද්ධ මිශ්‍ර පාඨ ශාලාව මධ්‍ය විද්‍යාලයක් බවට පත් විය.