නිල ඇඳුම
- 6- 10 පන්ති සඳහා නිල්පාට කොට කලිසම
- ඉන නාභි මට්ටමින් අඟල් 1ක් පමණ පහළින් විය යුතුය.
- දණහිසට අඟල් 2ක් ඉහළින් වාටිය මසා නිම කළ යුතුය.
- 6 - 13 පන්ති සඳහා කමිසය
- කොලරය සහිත අත් කොට කමිසයේ අත වැලමිට අඟල් 1ක් ඉහළින් වාටිය සිටින සේ මැද මසා ගත යුතුය.
- කොලර් බොත්තමේ සිට අඟල් 3ක් ඇතුළත පළමු බොත්තම අල්ලා තිබිය යුතුය.
- සාක්කුවේ වම් ඉහළ කෙළවරේ විද්‍යාලයීය නිල ලාංඡනය අල්ලා තිබිය යුතුය.
- නැගී සිටිය විට අතේ මාපට ඇඟිලි කරුව දක්වා උස තිබිය යුතුය.
- 11 - 13 පංති සඳහා සුදු දිග කලිසම
- ඉන නාභි මට්ටමින් විය යුතුය. නැගිට සිටන විට විලුඹේ පහළ කෙළවර දක්වා උස තිබිය යුතුය. (පාවහන් රහිතව)
- ඉදිරිපස දෙපස රැලි 02 බැගින් යෙදිය යුතුය. කලිසමේ පහළ කෙළවර අඟල් 16 - 18 විය යුතුය.
- පිටුපසට දකුණු පස සාක්කු 01 කි. (පියන් අල්ලා නැති)
- මතු පිටින් ද්විත්ව මැහුම් නොයෙදිය යුතුය.
- ඉන මතු පිටින් පෙනෙන සේ බොත්තම් නොයෙදිය යුතුය.
- ශිෂ්‍යාවන්ගේ නිල ඇඳුම
- කොලර් සහිත සුදු පාට අත්කොට ගවුම
- ගවුම් සායේ වාටිය දණහිස වැසෙන සේ තිබිය යුතු අතර දණබිම ගැසූ විට ගවුම් වාව්යය බිම ගෑවෙන සේ තිබිය යුතුය.
- ගවුම් වාටිය පළල අඟල් 02 ක් විය යුතු අතර ගවුම් සායේ මැද රැල්ල පෙට්ටි රැල්ලකි.
- එය දෙපසට රැලි 02 බැගින් ඉදිරිපස හා පිටුපස රැළි 05 බැගින් විය යුතුය.
- ගවුමේ අත උරහිසේ සිට වැලමිට දක්වා දිගින් භාගයකි. එය ඉතා තද හෝ ඉතා බුරුල් නොවීය යුතුය.
- ගවුමේ ඉන අතේ වැලමිට කෙළින් තිබීය යුතුය. ඊට වඩා උස් හෝ පහත් නොවිය යුතුය.
- ගවුමේ කොලරය යොදා ඉදිරිපස කුඩා විවරයක් තබා එය අයිලට හෝ හක් එකක් මගින් වැසිය යුතුය.
- ගවුම් පටිය අඟල් 22ක් පළල විය යුතු අතර ඉන මට්ටමින් තද වන සේ පැළඳිය යුතුය.
- ගවුම් පටියේ කොටසක් එල්ලා වැටෙන සේ නොපැළඳිය යුතුය.
පාවහන්
- සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සුදු ලේස් සහිත සපත්තු පැළඳිය යුතුය.
- ඉරි නැති සුදු මේස් නවා පැළඳිය යුතුය.
- සුදු සපත්තු පැළඳිය නොහැකි විටෙක අවසර ලබාගෙන ගැලපෙන චාම් සෙරෙප්පු පැළඳිය යුතුය.
- සපත්තුවල ලෝහ / සම් හෝ රෙදිවලින් සකසන ලද ලාංඡන / බැජ් නොතිබිය යුතුය.
- පාදයේ ඇඟිලි මට්ටමින් ඉදිරියට නෙරා ආ කොටස් නොතිබිය යුතුය.
හිස කෙස් සැකසීම
ශිෂ්‍යයින්ගේ හිසකෙස් සැකසීම
- කොණ්ඩය අඟල් 01 ක් පමණ කෙටියට කපා පැත්තට පීරා තිබිය යුතුය.
- ඉදිරියට කෙස් රොදක් ඉතිරි කොට තිබිය යුතුය.
- තෙල් නොවන ආලේපයන් යොදා හැඩ ගැන්වීම් නොකළ යුතුය. පමණ ඉක්මවා තෙල් ආලේප කිරීම නොකළ යුතුයි.
- වැඩිහිටි සිසුන් දෛනිකව සම්පුර්ණයෙන් රැවුල කපා තිබිය යුතුයි.
- කුමනාකාරයෙන් හෝ හිස කෙස් වර්ණ ගැන්වීම නොකළ යුතුය.
ශිෂ්‍යාවන්ගේ හිසකෙස් සැකසීම්
- කොණ්ඩය මැදින් දෙකට බෙදා ගොතා කෙළවර නවා කළු රිබන් පටියකින් කෙළවර ගැට ගැසිය යුතුය.
- ගොතන ලද කොණ්ඩා කරල් පිටුපසින් රඳවා තබා ගත යුතුය.
- කපන ලද කොණ්ඩයක් නම් මුහුණට නොවැටෙන සේ කළු කුඩා කොණ්ඩා කටු 04කින් රඳවා ගත යුතුයි.
- කන් නිරාවරණය වී තිබිය යුතුයි.
- කුමනාකාරයෙන් හෝ හිස කෙස් වර්ණ ගැන්වීම නොකළ යුතුය.