සෙනෙහස පැතිරෙන කාන්ති සෝභා දහමේ භාග්‍ය ලබනා
හෙල ඉතිහස ශාන්තී සාගරයේ වීර තරංගය නගනා
රණ බිම මැද වැද කීර්තිය නැංවූ වීර පුතුන් සිටි පොරණා
පැල්මඩුල්ල මේ ග්‍රාමේ මැදි පාසල අපගේ මේ
සැරදේ පාසල් මාතා.........
ගාමිණි පැරකුම් රාහුල හිමි වැනි දරුවන් ලැබ සිත සනසා
සැරදේ සැරදේ සැරදේ අප පාසල සැරදේ
සිඳ බිඳ හරිනට අවිදු අඳුරු සැම යහමග පෙන්වා ලමිනි
ජනිත වූ පාසල් මාතා අපගේ උදාරගතියෙන් රමණී
අපගේ පාසල් මාතා අප හට වේවා නාතා මිණිබිම දීප්තිය නංවා
අපහද ශක්තිය අපහද භක්තිය නංවා පාසල් මාතා
සැරදේ සැරදේ සැරදේ අප පාසල සැරදේ
සැරදේ පාසල් මාතා........
පද රචනය : මුණිදාස සිරිවර්ධන , නන්දසේන ලබුතලේ