පාසල් සංවර්ධන සමිතිය

පාසල් සංවර්ධන සමිතිය පාසලේ දෙමාපියන්ගේ හා ආචාර්ය මණ්ඩලයේ එකතුවකි.එහි සභාපති නිල බලයෙන්ම විදුහල්පතිතුමා වන අතර භාණ්ඩාගාරික පාසල් ගුරුවරයෙකි,ලේඛම් දෙමාපිය නියෝජිතයෙකි.අප පාසලේ මහසභාව වසරකට වරක් හෝ අත්‍යවශ්‍ය අවස්ථාවේ පවත්වයි.එහි කාරක සභාව මසකට වරක් පමණ රැස්වී පාසලේ ගැටලු සදහා විසදුම්,යෝජනා සාකච්ඡා කරයි.එම අවස්ථාවට දෙමාපියන් හා ගුරුවරුන් සම්බන්ධ වේ.කලාප නිළධාරියෙකුද ඒ සදහා සහභාගී වේ.මහසභාවේ අනුමැතියට යටත්ව කාරක සභාවේ තීරණ ගැනීම සිදු කරයි.